Pages

Tuesday, December 31, 2019

ලෙච්චමී


ඉරිතැලුණු කටුකොහොල් පොළොව මත
වැහි බිදුවක සිහින් පහස ලැබ
හිනහෙන පියුම් පෙතිවන් මුහුණ මත
පෙනේවිද ඈත කදුහෙල් මුදුන් යට

අතකින් මට්ට්ම් කොඩුවද
අනෙතින් පිහොර උරයද
නා දලුමෙන් රෝස ගැණුනු දෙතොල් මත
බුලත් කහට ගෙනෙයි මුවට සිනහව

දෙයතේ ඇගිලි පුරුක්
පැලීඑයි ලේ සිහින් ඇගිලි තුඩින්
ඔබේ කදුලු දැක
හිනහෙයි සුදු මහත්තුරුන්

සිරි සිරිහඩ නගන තේ දල්ල
නිවී දාදිය දවල් දවසෙම
බේරී වැටෙන තිලකෙ හැඩ
සගවයි ඔබේ ඔය කදුලුකැට
             
          -තිළිනි අත්තනායක-

ආදරණීය යක්ෂණිය "කුවේණි"

ආදරණීය යකින්නිය

නූතන රූකඩ


Wednesday, December 18, 2019

සොදුරු Director

පුංචි පුංචි හීන ළග
ජීවිතේ නැවතුනු දවස්වල
මහ දෙයක් නොවුනාට
හීනයක් වුනු මගේ හීනයක
උඹ වුන්නා නොදොඩාම
නෙළාගෙන එනකල්
අස්වැන්න උඹ ළගට....

වාරුකරගෙන මාව
අරන් ආ කරළියට
උඹ පියෙක් වුනා මට
නොකිව්වාට වචන කර....

හීන ළග හෙමිහින්
නුඹ තිබූ සටහන්
පොඩි පොඩි කෑලි කර
ආසයි හිතන්නට
වාවගෙන කදුලැල්....

නිදහසේ පියඹන්න
සවිය උනු උඹ මටම
පියෙකි උඹ හිත ළගම
ණයයි මං හැමදාම......

Sunday, December 15, 2019

අහිමි වත්කම්


වත්කමක් නැති දවසක
දුන්නා හිත උගසට
වත්කමක් ආ දවසට
උගස බේරා ගන්නට
ආවා නුඹ ළගට
දින ගෙවී පොලිය වැඩි වී
නුඹ මගෙන් ඉල්ලුවා තව තව හිත
දෙන්නට තවත් හිත් නැති තැන
දුන්නා තාත්තාගෙ වටිනම සම්පත...
දූ කියා අඩගැහුවට
ගෑණි වී මන් උගසට
බේරුවා හිත හෙමිහිට...
තාත්තේ....
උඹේ හිත වත් දියන් දෝණිට
වාරු කරගෙන එගොඩ වෙන්නට....

Thursday, December 5, 2019

ඇය සහ සිතුවම


නුඹට මොකටද තොල් ආලේපන
මගේ චිත්‍රයේ බුලත් කෙල ඇති රතුම පාටට
තැනින් තැන පුවක් කුඩුද මන්දා
ඇය මගේ ගුරුතුමිය 
මට අකුරු උගැන්වූ
අයනු ආයනු නූගත්
තැනින් තැන සුදු වූ 
කොටට වූ කෙස් වැටිය
හෙනා පාරක් දාන්නටමයි හිත
දිග පුරුක් අත් දෙක
මතකද එකට එක තියා බැලුවා
අනේ
මගේ අත් හරි කොටයි..
හීං කං දෙක පාලුවට 
තිබූ බෝල හීං අරුංගල්
අනේ
චිත්‍රයෙන් මැකිලාවත්ද
ඇස් අස්සෙ හීනියට උඹ මගෙ දිහා බලන්
මොනවදෝ කියනවා
නේද?
අනේ
ඉතිං කෝ අපිට දැන් වෙලාවක්
චිත්‍රෙ අරන් යන්නට
මාස්ටර් එනවා.....

Tuesday, December 3, 2019

රණ බිරිය


සතර මාසය ගෙවී
නුඹ මවෙත එනු බලා
සිටි ගමන දුර වෙලා
ඇස අගම තෙත් වෙලා...

රෑ සද පුරෝගෙන
බබළනා එළිය සේ
ආ නුඹට මතකයිද
වැළපුනා මහ රැයම....

සුවද නැත නුඹෙ තුරුල
වෙනදා මෙන් පැටවුන්ට
ඉකි ගසයි උන් උන්ම
තුරුලු වී තන් පුඩු වලට....

ගමන හරි දුෂ්කරය
කටු පදුරු ඇත එමට
ගෙවන්නට දුක් ගැහැට
සිදු වුනේ ඇයි මෙහෙම.....

බැදි අතොර ප්‍රේමය
උගහටය දෙස් දෙන්න
නුඹ නැවත එන තුරා
බලා ඉමි නොනිදාම....

රෑ පුරා සිහිනයට
හැඩ දුන්නෙ නුඹ නොවෙද
පවනලේ සැනසුමට
ළග උන්නෙ නුඹ නොවෙද.....

මහ හඩින් හැමදාම
ඇසෙන විට බිය නාද
කන් වසා ගන්නවා
පැටවු නිදි මහ රෑට.....

ලියුම් කඩදහිය
නෑ ලැබුනෙ නුඹ එවන
මා බලා ඉන්නවා
ලියනතුරු පැටවුන්ට....

දන්නවා නොවෙද නුඹ
රජ පුතෙකි නුඹ මටම
හිත සවිය ගෙනෙන මට
රණ පුතුය මුළු රටට....

නිවෙනතුරු මහ ගින්න
නුඹෙ ගමන නැති නතර
සිත සවිය ගෙන හෙටට
පිය නගමු කටු පදුරු මත......



ලෝ කම්


පොළෝ මහී දේවතාවි
කිපුනි කලෙක දැක ලෝ කම්
පඨවි ධාතු හැකි තරමින්
මුදවපු කිරි මෙන් බීලා
තණ්හාවෙන් උජාරුවෙන්
යන ලෝ වැසි දෙස බලලා
කදුලු විලස සලනා කළ
මහ වැසි බිදු සේ වැටිලා
නිහඩව හිද බලා සබද
සුසුම් විලස සුළං හමා...
හැමූ සුළං පවා නිබද
දුම් රොටු සේ ඉවත හෙලා...
යොමා දෙනෙත දැක ලෝ කම්
නිහඩව නෙත් යුග වැසුවා....

Friday, November 29, 2019

සොදුරියේ......


දිරා ගිය කටු ඉණි පැලේ
සෙවිලි කළ පොල් අතු මැදින්
වැටී ආ හිරු රැස් පොදක
සැගවුණාදෝ ජීවිතය සොදුරිය

වණ අරන සිප ආ සුවද
මලක නොම තැවරුනු සුවද
වත කමල සිප ගන්නටද පෙර
සුළග ගෙන ගියේදෝ සොදුරිය

කුරහන් හේන පැහෙනා විට
නැමිලා ගී තාලෙටම වැනෙනා විට
කටු පදුරක පිපුණු මලක සුවද කොහින්දෝ සොදුරිය

දිය දැමූ මැටි කලේ
පොළොවටම තද වුනිද
නොනිමි ලිප් දෙක ළගට 
දර හිගදෝ සොදුරියේ......

ගෙපැලේ වැනූ මල් රෙදි පොඩිය
කෝ කොහිද සැග වුණේ
වැනෙන්නේ වැට ළග හෙමිහිට
නොවේදෝ එය සොදුරියේ....

Thursday, November 28, 2019