Monday, January 13, 2020
පර වුණු සකුරා මල,
Friday, January 10, 2020
මිතුදම
Wednesday, January 8, 2020
අවනඩුව
මගේ සොදුරිය
අම්මා
"....අවාසනාව කවියට මුවා කළ දිරිය කත..."
නෝට්ටු
සාහිත්‍යය කලාව පිළිබද ග්‍රීක සාහිත්‍යය මතවාද ........
ගැබ්ගත් නිතියේ කන්‍යාවිය
යාතුකර්මයෙන් පෝෂණය වු කලාව ....
Tuesday, January 7, 2020
පෙම්වත .......
හිමිත් පුතෙකි
ඉපදුනු කොපියකට
ගලපමින් තරු කැට
අල්ලසක් දී සිකුරුට
දුන්නා පොඩි පුතා ඇපයට
සිනිදු පා තුඩු
වැලි මලුවෙ හැපී
අඩි ලකුණු දිග
ඇයි අම්මේ හීලුවේ
නෑ දන්නෙ දහම නම් තව
බුදු පුතෙකි ඒත් මම
කෙළි කවටක්ම් මැද
කොහොම නිවනක් සොයමි මම
බුදු වෙන්න වරමක්
ලැබුවා නම් මහ පිනක්
ඒත් අම්මේ කොපිය නම්
දැන් පුතුට මහ ලෙඩක්....
-මලී පතිරාජ -
අම්මා
හිත
Monday, January 6, 2020
අවාසනාව කවියට මුවා කළ දිරිය ගැහැනිය
හෙළ කවිය සාකච්ඡාවට නැගෙන්නේද ගජමන් නෝනා යන නාමය අනිවාර්ය නාමයක් බවට පත් වී ඇත. ගජමන් නෝනා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුව ද 'දෝන ඉසබෙලා කොර්නේලියා' ඇගේ නිවැරදි නාමය යි. ෆ්‍රැන්සිනා ග්‍රේරෝ ඇගේ මව ගේ නම විය. පියා විරිතමුල්ලගමගේ ෆ්‍රැන්සිස්කු සේනාරත්න කුමාර පෙරුමාල් ඒ නම් විය. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වූ ඉසබෙලා තම මුල් ළමාවිය අධ්‍යාපනය ක්‍රිස්තියානි පරිසරය ආශ්‍රයෙන් ද මූලික අධ්‍යාපනය මිලාගිරිය පාසලෙ ද ලබා ගන්නා අතර තුර තම පියාට ලැබුණු රාජකාරි මාරුවක් මත ඇයට එම පාසලෙන් ඉවත් වීමට සිදු විය.
රෝද දෙක
Sunday, January 5, 2020
අමාවක
ආනන්දයෙන් ප්‍රඥාව කරා පිය නගන නාට්‍ය කලාව
නාට්‍යයක් වූ කලී රංගනයක්මැයි කීම කිසිසේත් ඔබින්නේ නැත. ඒ වූ කලී ශක්තීන් රාශියකගේ එකතුවකි. ජීවිතය නම් වූ පවුර පැද යන බොහෝ දෙනා ජීවිතයම නම් වූ වේදිකාවේ රංගනයේ නිරත වෙමින් විවිධ චරිත වලට පන පොවමින් විවිධ අවස්ථා ඉතා අගේට රග දක්වයි.
Saturday, January 4, 2020
ප්‍රේමය
නමක් නැති කවක්
Friday, January 3, 2020
හැර යාම
රං මුතු මැණික් පළදන්නට නෑ සිතුනේ
දිව රස බොජුන් ඉල්ලන්නට නෑ සිතුනේ
ගමන් යන්න වාහන පොදි නෑ පැතුවේ
ගමනක් යන්න නුඹෙ අත පමණයි පැතුවේ
මා එක්කලා අමානාපෙන් බව දැනුනා
ඉදහිටවත් දැන් මා ගැන නෑ බැලුවා
අසරණ හිත හැම තිස්සෙම නුඹ ඉල්ලා
හැඩුවා මහ රැයේ සිහිනෙන් නුඹ දැකලා....
ජීවන ගමන ඇරඹුවෙ අපි එකට එදා
අමතකවත් වීද නුඹ හට කී එකී කතා
නෑ පැතුවේ නුඹ ළග රජ වෙන්න එදා
පාලුයි අනේ පාලුයි මට එන්න සොයා....
සිහිනෙන් පෙනෙන්නෙ නුඹගේ රුවමයි
සිහිනෙන් දකින්නෙ අපි ගිය ගමන් ගැනයි
සිහිනෙන් පෙනෙන්නේ නුඹෙ ආදර මුවගයි
සිහිනෙන් දකින්නේ නුඹ මා ළග බවමයි....
දුප්පත්කමට මා ළග වරදක් ඇතිදෝ
මා ළග සෙනෙහස නුඹ හට මදිවීදෝ
සිව්වසරක ආලය උඩු හුළගට යාදෝ
දෙනෝ දහක් මැද්දේ මා තනි වේදෝ
ආදර බස්වලට රැවටී උනුන් ගෙනා
මා හැර දමා දුර ඈතට යන්න ගියා
ළං වූයේ කරදර මැද පෙරුම්පුරා
තනිකර යන්නද මෙලෙසින්ම සදා....
දැනුනා නුඹෙ සුවදේ අඩුවක් ළගදී
කිව්වත් දනෝ නුඹ ගැන එක එක ජාතී
මහමෙර තරම් නුඹෙ සෙනෙහස සිහි වී
සිටියේ නුඹෙ නමින් හැම විට පේවී...
මගෙ දේවිය කියා මට ඇමතූ නුඹෙ මුවගින්
කොහොමද මුසා කිව්වෙ හරි පුරුදු ලෙසින්
සෙනෙහස තිබුනෙ උතුරා මහමෙර විලසින්
සිතකින් නොවෙද පෙම් කලෙ මට කියනු ඉතින්...
කොළොම් තොටම රුදුරුයි අද හිමි නැතුව
කොළොම්තොටම නුහුරුයි අද හිමි නැතුව
කොළොම්තොටම නපුරුයි අද හිමි නැතුව
කොළොම්තොටම පාලුයි අද හිමි නැතුව....
ගව් ගානක් දුරක ඉදන්
පෙම් කළ අපි එකම සිතින්
නුඹ නොමැතිව දකින හෙටින්
ඵලක් වේද අපට ඉතින්...
උඩමලුවට මල් අරගෙන ගිය දවසේ
යටි මලුවට වී පැතුමන් පැතු දිනයේ
ආයෙත් ඉරක් පායාවිද හිත් අස්සේ
අත් පටලන් ඇවිදින්න්ට ඒ පැත්තේ....
නුඹේ අතින් හිත ඇල්ලූ ඒ දවසේ
සත්තයි පිදූ ආදර මල් තව ඇත්තේ
පරවී වැටුනු මල නොතලා හැම තිස්සේ
පායා එන්න ආයෙත් හිරු ලෙසින් මගේ....
-මලී පතිරාජ-
දයාබර හදවත
කේන්දර අරුමේ
මසුරු සිටාණෝ
සිතින් නොමැකෙන
කුඩා සේප්පුව
මහ වටින දේ ඇති
දූ පුතුන් හට තෑගි දෙන්නට
සොයනවා තව තව පොදි පිටින්
ආකලට හිමිකරු
කොපිය ලෙඩ දෙන නිසා
ඔහු අතැර තව තව සොයන්නේ
කේන්දර අරුමේ....
-මලී පතිරාජ-
සොදුරු තුරු මිතුර
Thursday, January 2, 2020
ඔබ යන්න ගියා
පතිනිය ඇය
මිහිමතින් උපන් පත්තිනිය ඇය
සුරා සොඩෙකු ළග දනින් නැමෙනා
කියන් හඩ ගා ලොවට මුමුනා
ඇගේ ළය ගිනි නිවන්නට බැරි...
කොදුරමින් මුලු ලොවට රහසින්
සොයයි ජීවය නිවට පහසින්
රැගෙන ආ දුක් රසට විදිමින්
ගෙවයි රැය ඈ ළගින් හිදිමින්....
මුවැත්තිය ඇය නුඹේ සෙවනේ
දමා නොයනා ලැබූ භවයේ
ගිගුම් දී හඩ නගා වැටුනත්
අහස සේ දුක් දරා උන්නේ.....
-මලී පතිරාජ-