Pages

Friday, January 3, 2020

හැර යාම

රං මුතු මැණික් පළදන්නට නෑ සිතුනේ
දිව රස බොජුන් ඉල්ලන්නට නෑ සිතුනේ
ගමන් යන්න වාහන පොදි නෑ පැතුවේ
ගමනක් යන්න නුඹෙ අත පමණයි පැතුවේ


මා එක්කලා අමානාපෙන් බව දැනුනා
ඉදහිටවත් දැන් මා ගැන නෑ බැලුවා
අසරණ හිත හැම තිස්සෙම නුඹ ඉල්ලා
හැඩුවා මහ රැයේ සිහිනෙන් නුඹ දැකලා....


ජීවන ගමන ඇරඹුවෙ අපි එකට එදා
අමතකවත් වීද නුඹ හට කී එකී කතා
නෑ පැතුවේ නුඹ ළග රජ වෙන්න එදා
පාලුයි අනේ පාලුයි මට එන්න සොයා....


සිහිනෙන් පෙනෙන්නෙ නුඹගේ රුවමයි
සිහිනෙන් දකින්නෙ අපි ගිය ගමන් ගැනයි
සිහිනෙන් පෙනෙන්නේ නුඹෙ ආදර මුවගයි
සිහිනෙන් දකින්නේ නුඹ මා ළග බවමයි....


දුප්පත්කමට මා ළග වරදක් ඇතිදෝ

මා ළග සෙනෙහස නුඹ හට මදිවීදෝ
සිව්වසරක ආලය උඩු හුළගට යාදෝ
දෙනෝ දහක් මැද්දේ මා තනි   වේදෝ


ආදර බස්වලට රැවටී උනුන් ගෙනා
මා හැර දමා දුර ඈතට යන්න ගියා
ළං වූයේ කරදර මැද පෙරුම්පුරා
තනිකර යන්නද මෙලෙසින්ම සදා....


දැනුනා නුඹෙ සුවදේ අඩුවක් ළගදී
කිව්වත් දනෝ නුඹ ගැන එක එක ජාතී
මහමෙර තරම් නුඹෙ සෙනෙහස සිහි වී
සිටියේ නුඹෙ  නමින්  හැම විට පේවී...


මගෙ දේවිය කියා මට ඇමතූ නුඹෙ මුවගින්
කොහොමද මුසා කිව්වෙ හරි පුරුදු ලෙසින්
සෙනෙහස තිබුනෙ උතුරා මහමෙර විලසින්
සිතකින් නොවෙද පෙම් කලෙ මට කියනු ඉතින්...


කොළොම් තොටම රුදුරුයි අද හිමි නැතුව
කොළොම්තොටම නුහුරුයි අද හිමි නැතුව
කොළොම්තොටම නපුරුයි අද හිමි නැතුව
කොළොම්තොටම  පාලුයි    අද හිමි නැතුව....


ගව් ගානක් දුරක ඉදන්
පෙම් කළ අපි එකම සිතින්
නුඹ නොමැතිව දකින හෙටින්
ඵලක් වේද අපට ඉතින්...


උඩමලුවට මල් අරගෙන ගිය දවසේ
යටි මලුවට වී පැතුමන් පැතු දිනයේ
ආයෙත් ඉරක් පායාවිද හිත් අස්සේ
අත් පටලන් ඇවිදින්න්ට ඒ පැත්තේ....


නුඹේ අතින් හිත ඇල්ලූ ඒ දවසේ
සත්තයි පිදූ ආදර මල් තව ඇත්තේ
පරවී වැටුනු මල නොතලා හැම තිස්සේ
පායා එන්න ආයෙත් හිරු ලෙසින් මගේ....


                                 -මලී පතිරාජ-

3 comments:

Sandun dilshan said...

ලස්සනයි

රශ් said...

හරිම ලස්සනයි..අන්තිම කවි පේළියට ගොඩාක් කැමතියි...❤️

Lakshitha said...

Adoo ela bn

Post a Comment