පිසදුනිය කැද මා හට බොන්ට
හිස අත ගා මගෙ මත යන්ට
උණන කදුලු සැග වූවා ඇස් එපිට
දරුවන් තිදෙනෙකු මා හට ලැබ දුන්නූ
පියෙකු වෙන්න මා හට වරමක්
දුන්නූ
මිනිසෙකු වෙන්න හැමවිට කියලා දුන්නූ
සොදුරිය නුඹය දෙවියන් මා හට දුන්නූ....
හඩන විටදි දරුවන් කිරි ඉල්ලාලා
පිරී කරඩු මෙන් කිරි
ඉතිරීලා
බලා පැටවු බොන දෙස කිරි එල්ලීලා
ඉනුවා කදුලු දෙනෙතින් මගෙ සැගවීලා....
-මලී පතිරාජ-
3 comments:
ඇස් වලට කදුලු ආවා.....
සොදුරිය ඒ පද සොදුරුය😍😍😍
👍
Post a Comment