බිහිවෙලා මහ උසට
සෙවණ දී ලා තණපත්වලට
විහිදලා අතුපතර
කොළ සැලි සැලී දිලෙන
වැටී රුක් මුල් බිමට
කොලු පැටවු ඔන්චිලි පදින
නුඹ යෝධයෙක් මෙනි
නිසොල්මන් බැල්මන්
හෙලන....
රැ පුරා විහගුන්ට
හිදින්නට ලැගුම් දෙන
නොමසුරු නුඹ යහන
සුවහසකි හැම දනට....
පෙම් සිහින දකින පෙම්වතුන් හට
පියස්සකි නුඹෙ ගත
යනෙන හැම දෙස බලා
ආයුබෝවන් කියන
නුඹ .....
මාවතෙහි රැදි සොදුරු
මිනිසා සබද....
- ශානි කොඩිතුවක්කු -
4 comments:
ලස්සනයි..දිගටම ලියන්න...❤️
Ela
මිහිකතට මහමෙරක්
සොදුරු තුරු මිතුර
ඔබට ජය..
ලස්සනයි බන්...
Post a Comment