නාට්‍යයක් වූ කලී රංගනයක්මැයි කීම කිසිසේත් ඔබින්නේ නැත. ඒ වූ කලී ශක්තීන් රාශියකගේ එකතුවකි. ජීවිතය නම් වූ පවුර පැද යන බොහෝ දෙනා ජීවිතයම නම් වූ වේදිකාවේ රංගනයේ නිරත වෙමින් විවිධ චරිත වලට පන පොවමින් විවිධ අවස්ථා ඉතා අගේට රග දක්වයි.
නමුත් නාට්‍ය කලාව වනාහී හුදු ජීවත් වීම ම නොවන අතර ඉන් එහාට ගොස් මිනිසාගේ සිත, කය හා මනස සංස්පර්ෂනය කරන බුද්ධිමය ක්රියාදාමයකි. ඒ තුළින් ආනන්දය මෙන්ම ප්‍රඥාව ද රසිකයා අතරට ගෙන යාමට හැකි වීම නාට්‍ය කලාවේ ඇති සුවිශේෂීත්වය යි.
1970 දශකයේ සෝමලතා සුබසිංහ මහත්මිය විසින් නිර්මාණය කරන ලද ලාංකීය වේදිකාවේ පළමු යොවුන් නාට්‍ය වන විකෘති නාට්‍ය නරඹා ප්‍රේක්ෂකාගරයෙන් පිටතට පැමිණෙන බොහෝ දෙනාගේ සිත් තුළ යම් කාරණාවක් පැලපදියම් වන බව නොරහසකි. මන්ද එය නරඹා කිසිවෙකුට එම සත්යෙන් අද වන විට ගැලවීමට නොහැකි වී ඇති නිසාවෙනි. කලාව නම් වූ ජීවත් වීමේ ඖෂධය තරුණ දරුවන් තුළින් ඉවත්ව ගිය විට ඔවුන් රොබෝවරු බවට පත්වීම වත්මන වන විට සත්‍යක් වී ඇත. විකෘති නාට්‍ය නරඹන බුද්ධිමත් ප්‍රේක්ෂකයා කිසිදිනක තමා, තම දරුවා, තම සමීපතමයා, තම සමාජය කලාව තුළින් ඈත් කරන්නෙකු බවට නම් පත් කරන්නේ නැති බව නොඅනුමානය. එමෙන්ම තම දරුවන්ට හැකි මග යාමට ඔවුන්ට අතහිත දීම මිස ළගා කර ගත නොහැකි මංපෙත් ඔස්සේ ගමන් කිරීමට සළස්වා ඔවුන් හදවත් නොමැති රොබෝවරුන් බවට පත් නොකරනු ඇත.
නාට්‍ය කලාව තුළින් ප්‍රඥාව ළගා කර ගත හැක්කේ නිරායාසයෙනි. අවවාද දී උද්ඝෝෂණ පවත්වා හෝ කලහකාරී ලෙස හැසිරී ලබා දීමට නොහැකි බොහෝ අවවාද මෙන්ම දැනුවත් කිරීම් හා සිදු විය යුතු දේ කිසිදු කලහකාරීත්වයකින් තොරව ළගටම කැදවාගෙන ඉතා ආදරයෙන් සහ නිහතමානීව මනුෂ්‍ය සිත් සතන් තුළට කා වද්දන්නට හැකි හොදම උපකරණයක් ඇත්නම් ඒ නාට්‍ය කලාවයි.
ඕනෑම කලාවක් තුළ ආනන්දයක් තිබිය හැක. නමුත් ඒ තුළින් රසික මනස උද්දීපනය කරන ප්‍රඥාව ද සැපයෙන්නේ නම් එය විශිෂ්ට කලා කෘතියක් වනු ඇත. එලෙස නිර්මාණය වූ කලාවක් ය නාට්‍ය කලාව......
-මලී පතිරාජ -
5 comments:
❤❤❤❤
වටිනවා
Nataya 🤩🤩🤩
Naatya kalawa tharam jiwithe kiyala dena kalawak wena kohinda...
❤️drama api❤️
වෙන මොන කතාද...
Post a Comment