Pages

Wednesday, January 8, 2020

අම්මා

මනුසත්කම් පිරි හදවත ඇත්තිය....


පායනා හිරු සේමා
ගලනා ගංතෙර සේමා
පිපෙනා මල් කෙමි සේමා
නුඹ මට මැණිකකි අම්මා....

ආදරයේ මුල්පොත
සෙනෙහස් ගගුලේ උල්පත
මනුසත්කම් හිමි හදවත
මගේ කිරුළ උඹ රං කද....

පබදින ගී නුඹටයි අම්මා
ගයනා ගී නුඹටයි අම්මා
ආදරයට කවි තව මදි අම්මා
මිහිතලයේ ජීවය නුඹ අම්මා....

අඩහැර කුමටද නුඹ ගැන 
පවතින තුරු මේ ලෝකුස
උපමා බස් දී ආදර බස් දී
රවටනු කුමටද මා නුඹ....

ලෝකුස උපදින්නට මට
වරමක් ගෙන දුන්නු පිනට
මතු බුදු බව ලබා ලොවට
මනුසත්කම් දෙන්න සැමට.....

-මලී පතිරාජ-

2 comments:

Travel Diaries said...

මනුස්සකම් පිරුනු හදවත් තියෙන්නෙ මේ ලෝකේ ටික දෙනාටයි මුදී...❣️

Travel Diaries said...

අම්ම තරම්ජීවිතේ කියල දුන්නු වෙන කවුරුත්ම ඉන්නවනම් එ තාත්තා. තාත්තලාට බුදුවෙන්න වරම් තිබුනට මනුස්සකම් දුන්නු අම්මට බුදු වෙන්න තියා සමහර ළමයි කන්න අදින්න වත් හරියට දෙන්නෙ නැති news ඇහෙනකොට මේ වගේ කවි සිතුවිලි වලින් හීන හොයාගෙන යන උඹට සමාජෙ වෙනසක් කරන්න පුලුවන් හයිය ටිකක් හරි මේ උත්සහයෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....

Post a Comment