මිහිමතින් උපන් පත්තිනිය ඇය
සුරා සොඩෙකු ළග දනින් නැමෙනා
කියන් හඩ ගා ලොවට මුමුනා
ඇගේ ළය ගිනි නිවන්නට බැරි...
කොදුරමින් මුලු ලොවට රහසින්
සොයයි ජීවය නිවට පහසින්
රැගෙන ආ දුක් රසට විදිමින්
ගෙවයි රැය ඈ ළගින් හිදිමින්....
මුවැත්තිය ඇය නුඹේ සෙවනේ
දමා නොයනා ලැබූ භවයේ
ගිගුම් දී හඩ නගා වැටුනත්
අහස සේ දුක් දරා උන්නේ.....
-මලී පතිරාජ-
4 comments:
කිව්දිය පවසන මව්තොමෝ සරු ස්ත්‍රියකි ඇයට දාව කිරිකැට යෙකු මෙලොව උපදී. මුව ලං කොට පොවන්නට තරම් ඒ ලයෙ කිරි නොමැත ..එනම් ඇයට හිමි ව් ය යුතු පෝශනය සමාජය ඛාදනයට ලක් කර ඇති හෙයිනි...ඉතින් ඇය ලය ගෙන යන්නෙ දරු සෙනෙ කැදවාගෙන හිගමනටය...සියුම් ලවන් වෙත නො ආ කිරි බිංදු මත් බබරුන් වෙනුවෙන් ඉහිරෙද්දි..පතිදහමෙ පට සලු එකිනෙක ගැල ව් මුදුබත් වෙ..කිසාගෝතමයක වු මැය මෙකල අබ සොයා යන්නෙත් අතපාමිනි ..ලැබෙනුයෙ ගෙපැලෙ ඉස්ම වු කදුලම පමනකි.තාඩන පීඩන දරා ලැම ලය ව්කුනා..සමාජ ක්‍රමයෙන්ම බැට කා අවසන බිදින්නෙ අලුත උපන් දරුවාගෙ උපතමය.. සිගමනෙ ගිය සෙස්සො රන් ගෙනා ව්ට මේ මවට පමනක් ලැබෙන්නෙ මොනවාදා කිරි හැන්දද කුඩාය ..එයින් ලද කිරිබිදුව ලදරු කුසට මදිය.ඉට් වටේ ගලා යන කදුලැල් දියව්ම සිදුවෙ..නමුදු ඉට්පන්දම හිට වූ මහපාර මැද කැලලය ඉතුරුවේ ..කිව්දිය පවසන මෙ මවගෙ ආත්මය සමාජ ක්‍රමය තුල මුදුන් මුලින්ම කඩා වැටෙ..දරුවාගෙ හුස්මත් ඒ සමගම තල් මලකට සම වෙ.වැරැද්ද කාගේදෝ...ඇයත් නොදන්නිය.
Ela
Mihimathin upan athtama paththinilath innawa kiyala danuna
සුරාසොඩුන් ළග දනින් නැමුණත් ඇය ඇත්තටම පත්තිනියක් මලී....මේක දැනුනා ගොඩක්..
Post a Comment