Pages

Sunday, August 2, 2020

කාටදෝ ලියැවුණි....


බත්පත ගන්නකොට සිහිඋන නුඹව
බත්කට උගුර මැද සිරවී ඉකි බිදුන
සුවඳක් වත් නැති නුඹෙ සිත ළගට
සත්තයි එන්න වරමක් පතනෙමි සබද

මතු මතු සසර ඉපදෙනු පෙම ගෙන මටම
පත පත අසිරි මගෙ දියුණුව නිති පැතුව
වය වය රස ගීය මට ඉමිහිරි ගී වැකුන
නුඹෙ හද මඩල මට සුව යහනකි නිබද

රන් කෙන්දෙන් නොබැදුනු නුඹෙ අත් පොඩිය
එක දෙක නැගුනු කරගැට දැක වෑවෙනු කොහොම
සිහිනෙන් ඇවිත් හෝ නුඹෙ අත් සිඹින්නට
වරමක් යදිමි නුඹගේ ළඟ රැඳෙන්නට.....

-මුදී පතිරාජ-

Friday, March 27, 2020



Sunday, March 8, 2020

තාත්තේ ,,,,


චූටි අම්මා
මා නුඹේ
සුවද සොයනා
නුඹෙ ළයේ
උණුසුමයි ළග නුඹෙ
සෙව්වෙ මා නුඹ වගේ

සමානයි ඔහු
නුඹ වගේ
හිතූ මටමයි
වැරදුනේ...

දූ කියා කීවට
ගෑණියකි දැන්
පොඩි දුව
දන්නවද නුඹ
ඒ ගැන
නොදැනුනිද
කදුලු බොන වග....

දැනුනු දා සිට
ආදරේ
නුඹෙන් තොරවී
ජීවිතේ
තේරුනේ නෑ මහ රැයේ
දෝණි හිටියේ
කළුවරේ....

එළිය තිබුණේ
නුඹ ළගයි
පාර දුටුවේ
නුඹ නිසයි...

අනේ තාත්තේ
දෝණිට
හරිම පාලුයි
නුපුරුදුයි මේ
ඉර හද...

මතකයි දවසක් රැයේ
අමාවක දා පිල්කඩේ
හද සොයා මා හැඩූ දා
තුරුල් කරගෙන සැනසුවේ...

අනේ තාත්තේ දෝණිට
පාර කියපන් හනිකට
අමාවක දින වැඩි හැඩයි
පුර පෝය ළගවත් නැති හැඩයි...

-මලී පතිරාජ-


Monday, March 2, 2020

ක්‍රෙයෝන්ගේ අඩහැරය


-ඉදුවර මාපා-

Monday, January 13, 2020

පර වුණු සකුරා මල,


 සියලු බාධක මැදින්
 දිනූ අපේ සොඳුරු ලොව 
හුදෙකලා මේ බිමේ
 හුදෙකලා කළා ඔබ 
මට ඉතුරු සොයන
දුර රටක ගියෙ සබඳ 
නොරිකෝසන් ලගෙ
 රුව එපා නුඹෙ ලෙසට
වසන්තය ඉකම යයි
මතකයන් අමතකයි
යෙන් යුරෝ මට එපා 
නුඹ වරෙන් ඉක්මනට .......

-සරෝජනී හේරත්-

Friday, January 10, 2020

මිතුදම



විශ්වාසයේ හුය
ලිහී ගිය
මංපෙත අසල
සොයා ඇවිදින
මිතුදම...
බිදී ගිය සද බැමි ලිහී
නැවත එක්කර 
ගෙත්තම් කරන්නට 
සුහද ඇරයුම් 
ගෙන එන....

-මලී පතිරාජ-

Wednesday, January 8, 2020

අවනඩුව



යදම් දමා බැදපු පවුර
ගිලිහී ගිය කලකි මෙකල
ගගන සරනා සියතුණේ නුඹලට
ඇහෙනවාදෝ අපේ කටහඩ....

දියඹ වෙස්වලා හිනැහුන
මන්දාකිණියේ පාර අසාගෙන
සාංකාවට හිනා වෙන්නට 
සිතක් නෑ අද හොයා ගන්නට....

තරාදිය ගෙන වැඩි බරට
නුඹේ නඩුවයි පසිදලන්නේ
අවනඩුව කිමදැයි අසන්නේ
නෝක්කාඩුවටයි බලන්නේ....

-මලී පතිරාජ-

මගේ සොදුරිය


මධුවිතින් මත්ව මා ආ        කලට
පිසදුනිය කැද මා හට      බොන්ට
හිස අත ගා මගෙ මත         යන්ට
උණන කදුලු සැග වූවා ඇස් එපිට

දරුවන් තිදෙනෙකු මා හට ලැබ දුන්නූ
පියෙකු වෙන්න මා හට වරමක් 
දුන්නූ
මිනිසෙකු වෙන්න හැමවිට කියලා දුන්නූ
සොදුරිය නුඹය දෙවියන් මා හට දුන්නූ....

හඩන විටදි දරුවන් කිරි ඉල්ලාලා
පිරී කරඩු මෙන් කිරි 
ඉතිරීලා
බලා පැටවු බොන දෙස කිරි එල්ලීලා
ඉනුවා කදුලු දෙනෙතින් මගෙ සැගවීලා....

-මලී පතිරාජ-

අම්මා

මනුසත්කම් පිරි හදවත ඇත්තිය....


පායනා හිරු සේමා
ගලනා ගංතෙර සේමා
පිපෙනා මල් කෙමි සේමා
නුඹ මට මැණිකකි අම්මා....

ආදරයේ මුල්පොත
සෙනෙහස් ගගුලේ උල්පත
මනුසත්කම් හිමි හදවත
මගේ කිරුළ උඹ රං කද....

පබදින ගී නුඹටයි අම්මා
ගයනා ගී නුඹටයි අම්මා
ආදරයට කවි තව මදි අම්මා
මිහිතලයේ ජීවය නුඹ අම්මා....

අඩහැර කුමටද නුඹ ගැන 
පවතින තුරු මේ ලෝකුස
උපමා බස් දී ආදර බස් දී
රවටනු කුමටද මා නුඹ....

ලෝකුස උපදින්නට මට
වරමක් ගෙන දුන්නු පිනට
මතු බුදු බව ලබා ලොවට
මනුසත්කම් දෙන්න සැමට.....

-මලී පතිරාජ-

"....අවාසනාව කවියට මුවා කළ දිරිය කත..."

ගජමන් නෝනා




හෙළ කවිය සාකච්ඡාවට නැගෙන්නේද ගජමන් නෝනා යන නාමය අනිවාර්ය නාමයක් බවට පත්  වී ඇත. ගජමන් නෝනා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුව ද 'දෝන ඉසබෙලා කොර්නේලියා' ඇගේ නිවැරදි නාමය යි. ෆ්‍රැන්සිනා ග්‍රේරෝ ඇගේ මව ගේ නම විය. පියා විරිතමුල්ලගමගේ ෆ්‍රැන්සිස්කු සේනාරත්න කුමාර පෙරුමාල් ඒ නම් විය. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වූ  ඉසබෙලා තම මුල් ළමාවිය අධ්‍යාපනය ක්‍රිස්තියානි පරිසරය ආශ්‍රයෙන් ද මූලික අධ්‍යාපනය මිලාගිරිය පාසලෙ ද ලබා ගන්නා අතර තුර තම පියාට ලැබුණු රාජකාරි මාරුවක් මත ඇයට එම පාසලෙන් ඉවත් වීමට සිදු විය.

ඉන් අනතුරුව ඇය අධ්‍යාපනය ලබන්නේ බෞද්ධ භික්ෂූන් ආශ්‍රයෙනි. කොරතොට ධර්මාරාම හිමියන් ඇයගේ ගුරු හිමි නම විය. ඇය සිය කවිත්වය උන්වහන්සේගෙන් හා රත්න මාලය, රතවතී වැනි කාව්‍ය ග්‍රන්ථ රචනා කළ තම  මාමණ්ඩිය වන පත්තයාමේ ලේකම්ගෙන් උගත්තේ ය.

මෙම දෙපළ ආශ්‍රයෙනි සිටිමින් දෝන ඉසබෙලා තම කවිත්වය කවීත්වය මුවහත් කර ගන්නා ලදී. ඇගේ කවිකම කවි කම දිනෙන් දින වර්ධනය වන්නා සේ ම ඇය ද තුරුණුවියට නික්මුණේ තරුණ භික්ෂූන් වහන්සේලා ද වසඟයට පත් කරවමිනි. ඇය ළාබාල අවධියේ දී ම දොන් ජුවානිස් අල්විස් නැමැත්තෙකු සමග විවාහ වූ අතර ඔහුට දාව ඇය දරුවකු බිහි කරන ලදී. තම කවිකම ද පෝෂණය කර ගනිමින් පවුල් ජීවිතය ගත කළ නමුත් දරුවාට වයස අවුරුද්දක් වන විට ජුවානිස් මෙලොව හැර යන්නේ දෝනකතරිනා වැන්දඹුවක් බවට පත් කරමිනි. ඇයගේ පළමු  අවාසනාව මෙලෙස ඇය මත කඩා වැටෙන්නේ ඇය ට වයස අවුරුදු විස්සක් පමණ වන තුරුණු වියේ දී ම ය. 

අනතුරුව ඇය සිය දෙවන විවාහය ද සිදු කර ගනු ලබයි. ඒ ඒ දොන් ගේබ්‍රියල්  හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර සමඟ ය . ඔහුට දාව ඇය තවත් දරුවන් තිදෙනකු බිහි කරන  අතර, වසර 8 ක විවාහ ජීවිතයෙන් අනතුරුව නැවත අවාසනාවන්ත ඉරණම ඇය මතට වැටෙ නේ තෙවැනි වරටද වැන්දඹුවක් බවට පත් වෙමිනි.

දෙවරක්ම විවාහ වී දරුවන් සිව් දෙනකු හා තනි වන්නට සිදු වූ ගජමන්නෝනාගේ මෙම අවාසනාවන්ත ඉරණම මත, ඇය කවිය සිය සිතට අවිය කරගන්නා ලද්දේ ඉතා සූක්ෂම ආකාරයට ය. මේ වන විට ඉතා රූමත්කමින් යුතු වූ ඇය වැන්දඹුවක් වී සිටිය ද බොහෝ පිරිමින් ඇයව සොයා ගෙන එන ලදී. ඔවුන් අතරින් එක් අයෙකු ඇයට මෙසේ ඉල්ලීමක් කර ඇත.

"අවා සනා දුක් දොම්නස් දුරලන්නම්...
ඔවා නදුන් සුර සැප ගෙන දෙන්නම්...
හොවා පෙම් යහන රිසි ලෙස සතපන්නම්
ලොවා සිත් හමුවෙ දවසක කැන්දන්නම්...."

මීට පිළිතුරු කවිය ලෙස ගජමන් නෝනා මෙසේ ලියා යවා ඇත. 

"ලොවා සිත් හමුවෙ කැදවුම පතාලා...
මුවා වෙලා  පහසට අත වනාලා...
අවා සනා ගුණ දම් 
මකාලා...
නො වාසනාවන් තොප වැනි
එකාලා....."

මේ ආකාරයට ඇය ඇය ඇයට හිමි අවාසනාව හමුවේ කවියට මුවාවී තෙවැනි වරටත් අවාසනාවන්තියක් නො වීමට වගබලා ගත්තීය. තම ස්වාමියා නොමැති ව දරුවන් සමග අසරණ වන කාන්තාවන්ට අද මෙන්ම අතීතයේ ද  විවිධ කරදර හිරිහැර බොහෝ පිරිමින්ගෙන් සිදු විය. නමුත් ගජමන් නෝනා තම සිතට දහිර්ය ගෙන කවිය අවියක් ම කරගත්තේ එලෙස එන කරදර බාධක ඉදිරියේ ශක්තිමව  මුහුණ දීමටය.  

දරුවන් සිව් දෙනෙකු තනිව ම පෝෂණය කිරීමට සිදු වූ ඇයට පිළිසරණට සිටියේ තම පියා පමණි. එම නිසා ම ඉංග්‍රීසි දිසාපතිවරයකු වූ ජෝන් ඩොයිලිට ඇය තම අගහිග කම් ගැන හා තමාට සිදු වූ අවාසනාවන්ත ඉරණම ගැන කියා පිහිටක් ලබා ගැනීමේ අරමුණින් ලිපියක් කවියෙන් නිර්මාණය කොට යවන ලදී.

"සද මෙන කවා ඇති කල ළම පැටවුන්ට... 
අද දින පමන නැත බත උන් රැක ගන්ට...
සොද ගුන ජෝන් ඩොයිලි මෙදිසා මැති දුන්ට...
වැද ගෙන දුක කියමි පිහිටක් ලැබ ගන්ට..." 

මෙම කවියෙන් නිර්මාණය කොට ඇති තේරුම් ගන්නා ඩොයිලි ඇය ගැන පැහද ඇයට ගම්වරයක් ප්‍රධානය කරන ලදී...

ඒ ආකාරයට සූක්ශම ආකාරයෙන් කවිය භාවිතා කරන ලද ගමන් නෝනා පසු කලෙක දරුවන් සිව්දෙනා තම මව්ගේ ඥාතීන් පිරිසක් භාර ගන්නා ලද්දෙන් ප්‍රභූ දරුවන් ට  කාව්‍ය ශාස්ත්‍රය උගන්වමින් සිය ජීවිකාව පවත්වාගෙන ගෙන යන ලද්දීය. කන්තාවක් විසින් උසුලන බොහෝමයක් වූ දුක්ඛ දෝමනස්සයන් අතුරින් විශාල වේදනාවක් ද රැගෙන අවාසනාවන්ත ලෙස ජීවිතය ගත  කිරීමට සිදු වූ ගජමන් නෝනා කවියට මුවා වී සියලු අවාසනාවන් වේදනාවෙන් දරාගෙන දිරියෙන් තම ජීවිතය ගෙත්තම් කරගන්නා ලදී.....

-මුදී පතිරාජ- 

නෝට්ටු




ඇති දා පොහොසත්ය.........
නැති දා දුප්පත්ය.......
ඇති දා රජුන් ය.......
නැති දා සිගන්නන්ය......
ඇති දා වැජඹේ.....
නැති දා සොවින් ය......

මදූ ලක්ශානි 
හැර යන්න ඔබ
සැරසෙනු දැක 
නෙත් කෙවිනි අගට
පිණි කදුලු මතු වුන
දුක අරක් ගත් දේවොල 
දැක සැලනු නුඹ සිත 
නැවත මා වෙත බැල්ම හෙලුවද අනුකම්පාවෙන්.
අනුකම්පා නොපතමි 
ආදරයම පතමි මම

දුක හිතම අනසකින් වසා ගත්  
අවසන් පැතුම 
ඔබ 
නික්ම නොයනු නැවත 
හුස්ම මා ගත නික්ම යන තුරැම 
ලෝවම එක මිටක කලද
සම කල නොහැකි ආදරය නුඹ 
මන් මුලාවු ගත සිතට
මග කියන දැස නුඹ
කලුවර මග 
පෙනෙන දෙනෙත නුඹ
ජීවිතය අන්ධ නොකොට
ඉන්න දිවියම ලග

රලුව ගිය පොලව මා දීවිය
බීම තේමන මහා වැස්ස නුඹ
එක්ව හට ගනින ඵලය ආදරය 
නිල්ල ගහන ලෝකය අප අනාගතය 

මා පැතුම ඔබ !

-සංජු-
අල්ලා හිත තදින්..
පෙන්වා මද හසින්..
උන්නු විට සෙනෙහසින්..
නුඹ මගෙම වෙයි ඉතින්...
  
ඔහු

-තිළිණි අත්තනායක-

සාහිත්‍යය කලාව පිළිබද ග්‍රීක සාහිත්‍යය මතවාද ........


ප්ලේටෝ 


ක්‍රි.පූ 5 වන සියවසේ ජීවත් වූ ප්ලේටෝ සාහිත්‍යය කරුවෙකු නොව දාර්ශනිකයෙකි.ඔහුගේ ගුරුවරයා වූයේ සොක්‍රටීස්ය.සත්‍ය සොයා යාම ඔහුගේ පරමර්ථය විය.පාලකයා දාර්ශනිකයෙක් විය යුතු බවත් දාර්ශනිකයා පාලකයෙක් විය යුතු බවත් ඔහු දක්වයි.
     ඔහුගේ පරමාර්ථය වූයේ ග්‍රීකය තුළ පරමාදර්ශී රාජ්‍යයක් ගොඩනැගීමයි.එම පරමාදර්ශී රාජ්‍ය තුල කවියන්ගේ සහ කලාකරුවාගේ කාර්යය භාරය පිළිබදවද ඔහුගේ අවදානය යොමු වූයේ පරිකල්පනය මත ගොඩ නැගුණු කලාව සහ සාහිත්‍යය තමන් අපේක්ෂා කරන පරමාදර්ශී රාජ්‍යයට බාධාවක් වේය යන හැගීම නිසාය.ඔහුගේ මෙම මතවාදයන් ඔහු නමින් පසුව රචනා වූ ජනරජය ( Republic ) කෘතියේ දක්වා ඇත.
1. කලාව නිර්මාණයක් මගින් ජනතාවට ඉදිරිපත් කළ යුතුය.
2.කලාකරුවා සත්‍යම දන්නෙක් විය යුතුය.
3.තම නිර්මාණ තුළින් සමාජ සුචරිතයට හානිවන අනිසි හැගීම දැනවෙන කිසිදු කරුණක් ඉදිරිපත් නොකළ යුතුය.
4.කලාව යනු සත්‍ය නොදත් පුද්ගලයන් පිරිසක් විසින් අනිත්‍ය ප්‍රකාශ කිරීම කිරීම සදහා යොදා ගන්නා කූට උපක්‍රමයක් ලෙස ඔහු කලාව හැදින්වූයේය.
5. එමෙන්ම කවියා පාඨක මනසෙහි විවිධ මට්ටම්වලට ගැලපෙන ලෙස තම නිර්මාණ ඉදිරිපත් කළ යුතුය .

ඇරිස්ටෝටල්

ප්ලේටෝගේ ශිෂ්‍යයකු වූ ඇරිස්ටෝටල් ද සාහිත්‍යය නිර්මාණකරුවෙකු නොවන අතර ඔහුගේ විශය පතය වූයේ දර්ශනය ,දේශපාලන විද්‍යව ,ආචාර ධර්ම විද්‍යව ,ආදියයි.ලයිසියම් නමින් අධ්‍යාපන ආයතනයක් පවත්වගෙන ගිය හෙතෙම එහි ඉගෙනගත් විද්‍යර්ථින්ගේ සාහිත්‍ය කලාව සම්බන්ධ ප්‍රශ්නවලට දුන් පිළිතුරු අඩංගු කොට පසු කාලීනව ඔහු නමින් කෘතීන් නිර්මාණය විය.
                      1.කාව්‍ය ශාස්ත්‍රය
                      2.අලංකාර ශාස්ත්‍රය 
                      3.ට්‍රොෆිකා
 මේ අතරින් කාව්‍ය ශාස්ත්‍රය කෘතිය කවිය,දෘශ්‍ය කලාව කලාවන් අධ්‍යනය කරන අනාගත කලාකරුවන්ට ශිල්ප ධර්ම පද්ධතියකි.

ශානි කොඩිතුවක්කු

වර්තමාන සාහිත්‍ය කලාව


අහසෙ තරු දිහා බලාන
මවන්නට හැදුවත් තරු රටා
කලු වලාකුලු වසාගෙන යයි
හිමින් හිමින්

අදුරු ජිව්ත වල
සොදුරු අතිතයක
නුබත් මාත්
දුටු අනාගතය
සමානය ඒ වලාකුලුවලට

කාලය හරහා අතිතයට
වෙගය හරහා අතිතයට
යන්නට බැරි ලොකයක
අතිතයෙ වුනු හැමදෙම
සමානය ඒ තරු වලට

අවසානය සිතුවිලි ගොඩක
අවසන් නිගමනය
ඒ වාලාකුලු වලට
ලස්සන තරු රටා මකන්නට
පන දුන්නෙත් මමය....

-සංජු-
අත මිට කාසි කහවනු නැති කමට
රෑ වැඩ කනිසමට හැකි ද?
දුප්පත් කම නසන්නට 
මොණර කඩදාසි ආඩුපාඩුය මේමට 
දුප්පත් නැතිය කල ආලය නම් උඹට 
කෝමලි නගා දැක්කද දහඩිය මුගුරැ 
කෝමලි නගා දැක්කද ආලය සොදුරැ
කෝමලි නගා දැක්කද මගේ අඩුපාඩු
කෝමලි නගා දැක්කද නගරයේ සුවිසල් මැදුරැ 

මට උඹත් හරිය මගේ පණ කෙන්දත් හරිය 
නගරේ උන්ට උඹේ විකිණෙන සිල්ලර බඩුවක් වැනිය
ඇති හැටි උන් උඹට කලත් මිලක් නියම 
මා උඹ කොහොම  මිල කරන්නද උඹ මගෙ පණ වැනිය
අකුරැ කරනව ද සිදාදියේ උඹ කෝමලි 
උඹේ වෙනස හිතට දැනෙයි නොසැලි 

කලිසම් කමිස අදින ඒ මහතාගේ හිත වංක 
සරම බැනියම යට ඇති මගේ හිත අවංක
කාසි කොල ලගදි මම පය පැගෙන දුවිලිය
සැප සම්පත් සිටුවරයාගේ අහස උස

නගාරේ කාසි ලග උඹේ ලැජ්ජ භය නැති වුනි ද
සලු පොට ලිහා සිටු මැදුරේදි වුනත් නිරැවස්ත්‍ර
කරගැට පිරැනු දැතින් මම උඹේ අත පිරිමැද්ද 
විටත් මගේ හිතට නම් දැනුනා ලැජ්ජ

ගැහැණුකමත් බවලත් උදවියට පුදා
ආලය නොවෙයි රාගය ලග දාස වෙලා 
දුප්පත් කමට ආලය අවලංගු වෙලා 
කෝමලි නගා නගරෙදි ගණිකාව වෙලා

-සංජු-
-සොල්දාදුවාගේ ආදරය-


ප්‍රිය බිරිද හා දරැ පැටවුන් එක බිමක...

උනුත් හරිය මගේ පණත් හරිය...
 
මම කදවුරක බීම රකින මුර කනුව....

අද හෙටම මම ඒනවා දරැ පැටව්  බලන්නට...

අවසන් නිවාඩුව නිමව එන විට පුංචි පුතු සැරසුනා සෙල්ලම් තුවක්කුව රැගෙන මා සමග රට රකින්නට එන්න..

"පුතත් තාත්තා වගේ ඉක්මනට ලොකු වෙන්න එතකොට පුලුවනි පුතාටත් රට රකින විරැවෙකු වෙන්න"

පඩිපතම බිරිද අත තබා යුද බිමට කලා දිවියම සින්න 

බිරිද ඇත හුදකලාව ම එන තුරැ මග බලාන 

සතුරැ උන්ඩය පපුව පසාරැ කලා ආදරය ද ජීවිතයද අහිමිකර අභිමානය පමණක්ම ඉතිරිකර 

ජීවිතයේ අවසන් නිවාඩුව දෙපයින් නොව යන්න සිදුවිය කරමතින් ලි පෙට්ටියක් තුල 

මා බිරිද වැන්දුඹුව විය 
දරැපැටව් අසරණ විය 

මා මල කදක්ව මව් බිමට දිරා පත්විය..
..........

-සංජු-

ගැබ්ගත් නිතියේ කන්‍යාවිය



සැමට සමානත්මතාවයෙන් කටයුතු කරන නිතිය පසිදලන නිතියේ කන්‍යාව නුඹ....පැල්පතෙන් එන දුගියාට ද රජ ගෙදර මහ රජුට ද සමව යුක්තිය පසිදලන නිතියේ ආධිපත්‍යයේ මහා සංකේතය ඔබ 

අද ඔබ ද දුෂීතය 
 
ඔබ ද පක්ෂපාතීය 

ඔබ ද දාසියක්ය

සමාජය කෙලෙසන රදලයන් ,දේශා පාලකයන් , දුෂිතයන් ,මිනිමාරැවන් , හොරැන් නිතිය අවනිතය කර හමාරය..... නිතියේ කන්‍යාවගේ කන්‍යාභාවය සමුහ දුෂණයට ලක්ව හමාරය....

අසරණ වු නිතියේ කන්‍යයව නොව නුඹ නිතියේ ගැහැණිය විය.

අසරණකම වසාගත් ඇය අසරණකම නිසාම මුදුලට බලයට නිලයට යහන් ගතවෙයි.

ඇය දැන් නීතියේ ගැහැණිය ද නොව නිතියේ වෙසගන හෙවත් ගණිකාව.

දුෂිතයන් දාවා ඇය ගැබ්ගෙන ඇත.

ඇය තම කුසින් වැඩුනු දුෂිත අව නිතියට දැන් මවගේ සෙනෙහේ දක්වන්නේ සියලු මවුන්ට ආදර්ශක් වෙමිනි.

දුගියා දුප්පතා අසරණයාට ඇය සමානත්මතාවය ඉටු කරන්නේ නැත 

ඇය අත ඇති තුලාව මුදල් වත්කම් මැන බලා වැඩි බර ඇති රදලයා නිදොස් කර....අත ඇති අසිපතින් දුප්පත් අසරණ නිතියේ පිහිට පතන උන්ගේ හිස ගසා දමයි

-සංජු-

යාතුකර්මයෙන් පෝෂණය වු කලාව ....


ශාන්ති කර්මයක් යනු මානසික  හෝ කායික සුභසිද්ධිය අරමුණු කොට දෙවියන්,යක්‍ෂයන් හෝ වෙනත් එවන් අදෘෂ්‍යමාන පුද්ගලයෙක් හෝ බලවේගයක් උදෙසා පවත්වන කිසියම් කාර්යය සංසිද්ධියකි.ලංකාවේ ප්‍රධාන යාතුකර්ම සම්ප්‍රදා තුනක් දක්නට ලැබේ.

1.උඩරට ශාන්තිකර්ම සම්ප්‍රදාය 
2. පහතරට ශාන්තිකර්ම සම්ප්‍රදාය
3.සබරගමු ශාන්තිකර්ම සම්ප්‍රදාය 

 යාතුකර්මයනහි අරමුණ හුදෙක් ජීවිතයේ අර්ථයක් සිද්ධ කර ගැනීමය.එළඹ ඇති වස් දොස් දුරු කර ගැනිමය.ඒ උදෙසා ඉහතින් සදහන් කල යාතුකර්ම සම්ප්‍රදායන්ට ආවේනික වූ යාතුකර්ම ඇත. 

1.උඩරට ශාන්තිකර්ම සම්ප්‍රදාය - කොහොඹ කංකාරිය
2.පහතරට ශාන්තිකර්ම සම්ප්‍රදාය - දහඅට සන්නිය,සූනීයම් යාගය,රට යැකුම
3.සබරගමු ශාන්තිකර්ම සම්ප්‍රදාය - කිරිමඩු,පහන්මඩු,පුනාමඩු

පහතරට යාතුකර්ම සම්ප්‍රදාය 
    
පහතරට හෙවත් රුහුණු රට ශාන්තිකර්ම සම්ප්‍රදාය වූ කලී පහතරට ප්‍රදේශවලට ආවේණික  වූ කලි අභිචාර්යයන්ගෙන් සමන්විතය.එය ප්‍රධාන වශයෙන් සම්ප්‍රදා දෙකකි.

1. මාතර සම්ප්‍රදාය 
2.බෙන්තර සම්ප්‍රදාය 

   පහතරට යාතුකර්ම පවත්වන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් කොටස් 03 ක් යටතේ විග්‍රහ කල හැකිය. 

1.යක් තොවිල් - යකුන් යක්‍ෂණියන් අරමුණ කරගෙන පවත්වනු ලැබේ.
උදා. සන්නි යකුන් යාගය,රට යැකුම , ගරා යැකුම , සුනීයම් යාගය , මහසෝන් සමයම,කළු කුමාර සමයම
2. දේව තොවිල් - දෙවිදේවතාවුන් අරමුණු කරගෙන පවත්වනු ලැබේ.
උදා. ගම් මඩුව
3.බලි තොවිල් - රවී,චන්ද්‍ර,කුජ,ගුරු ,සනි,සක්‍ර,කේතු ආදී නවග්‍රහ දේවතාවුන්,අරමුණු කරගෙන පවත්වනු ලැබේ .
පහතරට සම්ප්‍රදයේ එක් එක් යකුන් යක්‍ෂයන් අරමුණු කරගනිමින් වෙන වෙනම යාතුකර්ම පවත්වනු ලැබේ . එනම්,

කළු කුමාර සමයම - කළු කුමාර යක්‍ෂයා
ඉර මුදුන් සමයම - රීරි යකා
සූනියම් යාගය - මහසෝන් සමයම 
සන්නි යැකුම - සන්නි යකුන්
රිද්දියාගය  - රට යකුන්

ඒ අතර ප්‍රධාන වේ.

ශානි කොඩිතුවක්කු

Tuesday, January 7, 2020

පෙම්වත .......



කොහේ හෝ සිට 
අහම්බෙන් ......
මගේ සිතට ආ නුඹ එක්ක .........
කදිමයි මේ සිත බැදුණු හැටි...........

-මදූ ලක්ශානි-

හිමිත් පුතෙකි


ඉපදුනු කොපියකට
ගලපමින් තරු කැට
අල්ලසක් දී සිකුරුට
දුන්නා පොඩි පුතා ඇපයට

සිනිදු පා තුඩු
වැලි මලුවෙ හැපී
අඩි ලකුණු දිග
ඇයි අම්මේ හීලුවේ

නෑ දන්නෙ දහම නම් තව
බුදු පුතෙකි ඒත් මම
කෙළි කවටක්ම් මැද
කොහොම නිවනක් සොයමි මම

බුදු වෙන්න වරමක්
ලැබුවා නම් මහ පිනක්
ඒත් අම්මේ කොපිය නම්
දැන් පුතුට මහ ලෙඩක්....
                                                     -මලී පතිරාජ -

අම්මා


දසමස් කුස දරා
දුක් විද.....
මෙලොව බිහිකර
දයාබර මවුනි......
ලෙය කිරට හරවා
සිප් ගුණදම් කැටි කර පොවා
නැණස පෑදූ මවුනි...
ලෝකය ඇගෙ ඇසින් දැක
හොද නරක කියා දුන් මවුනි......
ලොවේ රජුන් ලෙස තැනෙන්නට
දිරි දුන් මවුනි.......
සදා ණය ගැති වේ ඔබ හට 
සෙනෙහෙබර ආදර
මවුනි.......

-මදූ ලක්ශානි-

හිත


විටෙක චංචලය......
විටෙක නිෂ්චලය.......
වරෙක මහ හඩින් වැළපෙයි....
විටෙක හොර රහසේ හඩයි.......
සිතුවිලි සිතෙහි හිරකර
ලොවට හොරා රහසේ හිදී..........

-මදූ ලක්ශානි-

ලැම්බට් කොක්ක


එයා දෙකේ 
මන් එකේ
මහ පාර මැද
ලයිසන් නැති
අපේ ආදරේ

-තිළිණි අත්තනායක-

උපාධි ලෝගුව


මව්පිය සිනහ 
කදුලු 
අතරින් 
දකිනා
සිහිනය .......................

-මදූ ලක්ශානි-

Monday, January 6, 2020

අවාසනාව කවියට මුවා කළ දිරිය ගැහැනිය

"ගජමන් නෝනා "


හෙළ කවිය සාකච්ඡාවට නැගෙන්නේද ගජමන් නෝනා යන නාමය අනිවාර්ය නාමයක් බවට පත්  වී ඇත. ගජමන් නෝනා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුව ද 'දෝන ඉසබෙලා කොර්නේලියා' ඇගේ නිවැරදි නාමය යි. ෆ්‍රැන්සිනා ග්‍රේරෝ ඇගේ මව ගේ නම විය. පියා විරිතමුල්ලගමගේ ෆ්‍රැන්සිස්කු සේනාරත්න කුමාර පෙරුමාල් ඒ නම් විය. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වූ  ඉසබෙලා තම මුල් ළමාවිය අධ්‍යාපනය ක්‍රිස්තියානි පරිසරය ආශ්‍රයෙන් ද මූලික අධ්‍යාපනය මිලාගිරිය පාසලෙ ද ලබා ගන්නා අතර තුර තම පියාට ලැබුණු රාජකාරි මාරුවක් මත ඇයට එම පාසලෙන් ඉවත් වීමට සිදු විය.

ඉන් අනතුරුව ඇය අධ්‍යාපනය ලබන්නේ බෞද්ධ භික්ෂූන් ආශ්‍රයෙනි. කොරතොට ධර්මාරාම හිමියන් ඇයගේ ගුරු හිමි නම විය. ඇය සිය කවිත්වය උන්වහන්සේගෙන් හා රත්න මාලය, රතවතී වැනි කාව්‍ය ග්‍රන්ථ රචනා කළ තම  මාමණ්ඩිය වන පත්තයාමේ ලේකම්ගෙන් උගත්තේ ය.

මෙම දෙපළ ආශ්‍රයෙනි සිටිමින් දෝන ඉසබෙලා තම කවිත්වය කවීත්වය මුවහත් කර ගන්නා ලදී. ඇගේ කවිකම කවි කම දිනෙන් දින වර්ධනය වන්නා සේ ම ඇය ද තුරුණුවියට නික්මුණේ තරුණ භික්ෂූන් වහන්සේලා ද වසඟයට පත් කරවමිනි. ඇය ළාබාල අවධියේ දී ම දොන් ජුවානිස් අල්විස් නැමැත්තෙකු සමග විවාහ වූ අතර ඔහුට දාව ඇය දරුවකු බිහි කරන ලදී. තම කවිකම ද පෝෂණය කර ගනිමින් පවුල් ජීවිතය ගත කළ නමුත් දරුවාට වයස අවුරුද්දක් වන විට ජුවානිස් මෙලොව හැර යන්නේ දෝනකතරිනා වැන්දඹුවක් බවට පත් කරමිනි. ඇයගේ පළමු  අවාසනාව මෙලෙස ඇය මත කඩා වැටෙන්නේ ඇය ට වයස අවුරුදු විස්සක් පමණ වන තුරුණු වියේ දී ම ය. 

අනතුරුව ඇය සිය දෙවන විවාහය ද සිදු කර ගනු ලබයි. ඒ ඒ දොන් ගේබ්‍රියල්  හෙන්ද්‍රික් සිරිවර්ධන විජය විමලසේකර සමඟ ය . ඔහුට දාව ඇය තවත් දරුවන් තිදෙනකු බිහි කරන  අතර, වසර 8 ක විවාහ ජීවිතයෙන් අනතුරුව නැවත අවාසනාවන්ත ඉරණම ඇය මතට වැටෙ නේ තෙවැනි වරටද වැන්දඹුවක් බවට පත් වෙමිනි.

දෙවරක්ම විවාහ වී දරුවන් සිව් දෙනකු හා තනි වන්නට සිදු වූ ගජමන්නෝනාගේ මෙම අවාසනාවන්ත ඉරණම මත, ඇය කවිය සිය සිතට අවිය කරගන්නා ලද්දේ ඉතා සූක්ෂම ආකාරයට ය. මේ වන විට ඉතා රූමත්කමින් යුතු වූ ඇය වැන්දඹුවක් වී සිටිය ද බොහෝ පිරිමින් ඇයව සොයා ගෙන එන ලදී. ඔවුන් අතරින් එක් අයෙකු ඇයට මෙසේ ඉල්ලීමක් කර ඇත.

"අවා සනා දුක් දොම්නස් දුරලන්නම්...
ඔවා නදුන් සුර සැප ගෙන දෙන්නම්...
හොවා පෙම් යහන රිසි ලෙස සතපන්නම්
ලොවා සිත් හමුවෙ දවසක කැන්දන්නම්...."

මීට පිළිතුරු කවිය ලෙස ගජමන් නෝනා මෙසේ ලියා යවා ඇත. 

"ලොවා සිත් හමුවෙ කැදවුම පතාලා...
මුවා වෙලා  පහසට අත වනාලා...
අවා සනා ගුණ දම් 
මකාලා...
නො වාසනාවන් තොප වැනි
එකාලා....."

මේ ආකාරයට ඇය ඇය ඇයට හිමි අවාසනාව හමුවේ කවියට මුවාවී තෙවැනි වරටත් අවාසනාවන්තියක් නො වීමට වගබලා ගත්තීය. තම ස්වාමියා නොමැති ව දරුවන් සමග අසරණ වන කාන්තාවන්ට අද මෙන්ම අතීතයේ ද  විවිධ කරදර හිරිහැර බොහෝ පිරිමින්ගෙන් සිදු විය. නමුත් ගජමන් නෝනා තම සිතට දහිර්ය ගෙන කවිය අවියක් ම කරගත්තේ එලෙස එන කරදර බාධක ඉදිරියේ ශක්තිමව  මුහුණ දීමටය.  

දරුවන් සිව් දෙනෙකු තනිව ම පෝෂණය කිරීමට සිදු වූ ඇයට පිළිසරණට සිටියේ තම පියා පමණි. එම නිසා ම ඉංග්‍රීසි දිසාපතිවරයකු වූ ජෝන් ඩොයිලිට ඇය තම අගහිග කම් ගැන හා තමාට සිදු වූ අවාසනාවන්ත ඉරණම ගැන කියා පිහිටක් ලබා ගැනීමේ අරමුණින් ලිපියක් කවියෙන් නිර්මාණය කොට යවන ලදී.

"සද මෙන කවා ඇති කල ළම පැටවුන්ට... 
අද දින පමන නැත බත උන් රැක ගන්ට...
සොද ගුන ජෝන් ඩොයිලි මෙදිසා මැති දුන්ට...
වැද ගෙන දුක කියමි පිහිටක් ලැබ ගන්ට..." 

මෙම කවියෙන් නිර්මාණය කොට ඇති තේරුම් ගන්නා ඩොයිලි ඇය ගැන පැහද ඇයට ගම්වරයක් ප්‍රධානය කරන ලදී...

ඒ ආකාරයට සූක්ශම ආකාරයෙන් කවිය භාවිතා කරන ලද ගමන් නෝනා පසු කලෙක දරුවන් සිව්දෙනා තම මව්ගේ ඥාතීන් පිරිසක් භාර ගන්නා ලද්දෙන් ප්‍රභූ දරුවන් ට  කාව්‍ය ශාස්ත්‍රය උගන්වමින් සිය ජීවිකාව පවත්වාගෙන ගෙන යන ලද්දීය. කන්තාවක් විසින් උසුලන බොහෝමයක් වූ දුක්ඛ දෝමනස්සයන් අතුරින් විශාල වේදනාවක් ද රැගෙන අවාසනාවන්ත ලෙස ජීවිතය ගත  කිරීමට සිදු වූ ගජමන් නෝනා කවියට මුවා වී සියලු අවාසනාවන් වේදනාවෙන් දරාගෙන දිරියෙන් තම ජීවිතය ගෙත්තම් කරගන්නා ලදී.....

-මුදී පතිරාජ- 

රෝද දෙක

ගෙට පැන..
කඩා ගත් මාලය..
අම්මාගේ...
උකස්කර ගත්
බයිසිකලය...
පැදඑනවිට 
සතුටින්..
වැටීසිටියා අම්මා ලිප මුල..
මගෙන් කෑ ගුටි පහරට...
කම්පාවිය මගේ හිත..
ඇද වැටී ඇය ලග...
ඔලුව අතගාමින්..
ඉම්බා මගෙ නලල...
මගේ පුතා කියා ඇය...

-තිළිණි අත්තනායක-

Sunday, January 5, 2020

අමාවක

දැක්කද අර හද
උඹටත් පායනවා ඇති
මට වගේම
ඒත් කෝ එළියක්
උඹට වගේ මට නෑනෙ
පුර හදක්...
ඒත්
අමාවක හද හරි හැඩයි
මට
දන්නවද 
උඹ හිටපු හැම හීනෙම
අමාවකයි
මට.....

-මලී පතිරාජ -

ආනන්දයෙන් ප්‍රඥාව කරා පිය නගන නාට්‍ය කලාව


නාට්‍යයක් වූ කලී රංගනයක්මැයි කීම කිසිසේත්  ඔබින්නේ නැත. ඒ වූ කලී ශක්තීන් රාශියකගේ එකතුවකි. ජීවිතය නම් වූ පවුර පැද යන බොහෝ දෙනා ජීවිතයම නම් වූ වේදිකාවේ රංගනයේ නිරත වෙමින් විවිධ චරිත වලට පන පොවමින් විවිධ අවස්ථා ඉතා අගේට රග දක්වයි. 

නමුත් නාට්‍ය කලාව වනාහී හුදු ජීවත් වීම ම නොවන අතර ඉන් එහාට ගොස් මිනිසාගේ සිත, කය හා මනස සංස්පර්ෂනය කරන බුද්ධිමය ක්‍රියාදාමයකි. ඒ තුළින් ආනන්දය මෙන්ම ප්‍රඥාව ද රසිකයා අතරට ගෙන යාමට හැකි වීම නාට්‍ය කලාවේ ඇති සුවිශේෂීත්වය යි.
1970 දශකයේ සෝමලතා සුබසිංහ මහත්මිය විසින් නිර්මාණය කරන ලද ලාංකීය වේදිකාවේ පළමු යොවුන් නාට්‍ය වන විකෘති නාට්‍ය නරඹා ප්‍රේක්ෂකාගරයෙන් පිටතට පැමිණෙන බොහෝ දෙනාගේ සිත් තුළ යම් කාරණාවක් පැලපදියම් වන බව නොරහසකි. මන්ද එය නරඹා කිසිවෙකුට එම සත්‍යෙන් අද වන විට ගැලවීමට නොහැකි වී ඇති නිසාවෙනි.  කලාව නම් වූ ජීවත් වීමේ ඖෂධය තරුණ දරුවන් තුළින් ඉවත්ව ගිය විට ඔවුන් රොබෝවරු බවට පත්වීම වත්මන වන විට සත්‍යක් වී ඇත. විකෘති නාට්‍ය නරඹන බුද්ධිමත් ප්‍රේක්ෂකයා කිසිදිනක තමා, තම දරුවා, තම සමීපතමයා, තම සමාජය කලාව තුළින් ඈත් කරන්නෙකු බවට නම් පත් කරන්නේ නැති බව නොඅනුමානය. එමෙන්ම තම දරුවන්ට හැකි මග යාමට ඔවුන්ට අතහිත දීම මිස ළගා කර ගත නොහැකි මංපෙත් ඔස්සේ ගමන් කිරීමට සළස්වා ඔවුන් හදවත් නොමැති රොබෝවරුන් බවට පත් නොකරනු ඇත. 

නාට්‍ය කලාව තුළින් ප්‍රඥාව ළගා කර ගත හැක්කේ නිරායාසයෙනි. අවවාද දී උද්ඝෝෂණ පවත්වා හෝ කලහකාරී ලෙස හැසිරී ලබා දීමට නොහැකි බොහෝ අවවාද මෙන්ම දැනුවත් කිරීම් හා සිදු විය යුතු දේ කිසිදු කලහකාරීත්වයකින් තොරව ළගටම කැදවාගෙන ඉතා ආදරයෙන් සහ නිහතමානීව මනුෂ්‍ය සිත් සතන් තුළට කා වද්දන්නට හැකි හොදම උපකරණයක් ඇත්නම් ඒ නාට්‍ය කලාවයි.

ඕනෑම කලාවක් තුළ ආනන්දයක් තිබිය හැක. නමුත් ඒ තුළින් රසික මනස උද්දීපනය කරන ප්‍රඥාව ද සැපයෙන්නේ නම් එය විශිෂ්ට කලා කෘතියක් වනු ඇත. එලෙස නිර්මාණය වූ කලාවක් ය නාට්‍ය කලාව......

               -මලී පතිරාජ -
 

Saturday, January 4, 2020

ප්‍රේමය

උබේ ගැන හිතලම
හිත රිද්දගන්න මම හරි ආසයි
උබ නොදැක ඉන්නකොට
පිච්චෙන පිච්චිල්ලට මම හරි ආසයි
උබේ වචන විතරක්ම අහගෙන
හ්ම්ම් වත් නොකියා ඉන්න මම හරි ආසයි
උබලා දෙන්නා මුකුලු වෙනකොට
බංකුවට වෙලා හොරාට බලාඉන්න 
මම හරි ආසයි .....

          -තිලිණි අත්තනායක -          

නමක් නැති කවක්

පෑයූ හිරු මඬල 
අහසින් නැගෙන කල 
හැම දසුනක්ම
විමසිල්ලෙන් බලන අරුමයක් නො විය හැක
කවි පද පබැඳුමකට
නිදහස්මනස, විවේකය,
නව අරුත රැගෙන  
විඩාව,හුදෙකලාව  ස්පර්ශ කරන්නට 
විඳින්නට හැකි මනසක්
 නිර්මාණය කරනුවස්
 ජන විඥානය අරුත් ගලපා පුදන්නම්
 තවත් දිගු දිගුවකට...

     -සරෝජනී හේරත්-
කදුලින් තෙත්ව නෙත්
හඩා වැලපෙයි
මතකයන් අබියස......
අලුයට ගිනි පුපුරු සේ 
පුපුරු ගසමින් 
දවාලයි සිත තුල.....
ඔබ හා එදා ගෙවු 
අතීතය
සිත සිතා හඩනු මිස.....
ඔබෙන් මතු වෙනතක 
කෙලෙස
යන්නම්ද මම......

තෙත් වූ නෙත් තුල
බොදව පෙනෙන ඔබ රුව....
නින්ද නොයන රෑ මැදියම
අදුරේ දිලිසෙන ඔබ රුව...
දුටු දුටු අත පෙනෙන 
බැබලෙන ඔබ රුව.....
ශොකයෙන් මත් කරයි 
මා සිත.....

මතුයම් භවෙත් පතන්නම්
ඔබේ යශොදරා වන්න.....
ඉතින් අවසරයි සමුගන්න
ඔබෙන් නොව මගෙන්ම.....

              -සංජු-

Friday, January 3, 2020

හැර යාම

රං මුතු මැණික් පළදන්නට නෑ සිතුනේ
දිව රස බොජුන් ඉල්ලන්නට නෑ සිතුනේ
ගමන් යන්න වාහන පොදි නෑ පැතුවේ
ගමනක් යන්න නුඹෙ අත පමණයි පැතුවේ


මා එක්කලා අමානාපෙන් බව දැනුනා
ඉදහිටවත් දැන් මා ගැන නෑ බැලුවා
අසරණ හිත හැම තිස්සෙම නුඹ ඉල්ලා
හැඩුවා මහ රැයේ සිහිනෙන් නුඹ දැකලා....


ජීවන ගමන ඇරඹුවෙ අපි එකට එදා
අමතකවත් වීද නුඹ හට කී එකී කතා
නෑ පැතුවේ නුඹ ළග රජ වෙන්න එදා
පාලුයි අනේ පාලුයි මට එන්න සොයා....


සිහිනෙන් පෙනෙන්නෙ නුඹගේ රුවමයි
සිහිනෙන් දකින්නෙ අපි ගිය ගමන් ගැනයි
සිහිනෙන් පෙනෙන්නේ නුඹෙ ආදර මුවගයි
සිහිනෙන් දකින්නේ නුඹ මා ළග බවමයි....


දුප්පත්කමට මා ළග වරදක් ඇතිදෝ

මා ළග සෙනෙහස නුඹ හට මදිවීදෝ
සිව්වසරක ආලය උඩු හුළගට යාදෝ
දෙනෝ දහක් මැද්දේ මා තනි   වේදෝ


ආදර බස්වලට රැවටී උනුන් ගෙනා
මා හැර දමා දුර ඈතට යන්න ගියා
ළං වූයේ කරදර මැද පෙරුම්පුරා
තනිකර යන්නද මෙලෙසින්ම සදා....


දැනුනා නුඹෙ සුවදේ අඩුවක් ළගදී
කිව්වත් දනෝ නුඹ ගැන එක එක ජාතී
මහමෙර තරම් නුඹෙ සෙනෙහස සිහි වී
සිටියේ නුඹෙ  නමින්  හැම විට පේවී...


මගෙ දේවිය කියා මට ඇමතූ නුඹෙ මුවගින්
කොහොමද මුසා කිව්වෙ හරි පුරුදු ලෙසින්
සෙනෙහස තිබුනෙ උතුරා මහමෙර විලසින්
සිතකින් නොවෙද පෙම් කලෙ මට කියනු ඉතින්...


කොළොම් තොටම රුදුරුයි අද හිමි නැතුව
කොළොම්තොටම නුහුරුයි අද හිමි නැතුව
කොළොම්තොටම නපුරුයි අද හිමි නැතුව
කොළොම්තොටම  පාලුයි    අද හිමි නැතුව....


ගව් ගානක් දුරක ඉදන්
පෙම් කළ අපි එකම සිතින්
නුඹ නොමැතිව දකින හෙටින්
ඵලක් වේද අපට ඉතින්...


උඩමලුවට මල් අරගෙන ගිය දවසේ
යටි මලුවට වී පැතුමන් පැතු දිනයේ
ආයෙත් ඉරක් පායාවිද හිත් අස්සේ
අත් පටලන් ඇවිදින්න්ට ඒ පැත්තේ....


නුඹේ අතින් හිත ඇල්ලූ ඒ දවසේ
සත්තයි පිදූ ආදර මල් තව ඇත්තේ
පරවී වැටුනු මල නොතලා හැම තිස්සේ
පායා එන්න ආයෙත් හිරු ලෙසින් මගේ....


                                 -මලී පතිරාජ-

දයාබර හදවත

දයාබර හදවත 
සිනහවෙන් සැරසුවත්
නොහැක කිසිදා
ආදරෙන් පුරවන්න
අනුකම්පාවෙන් 
දෑස හැර බැලුවත්
උරන වේවි දිනෙක 
අප වටා ලෝකය 
ආදරය එක්තරා 
වරදක් නිසා..

-මදූ කරුණාරත්න-

කේන්දර අරුමේ


මසුරු සිටාණෝ
සිතින් නොමැකෙන
කුඩා සේප්පුව
මහ වටින දේ ඇති
දූ පුතුන් හට තෑගි දෙන්නට
සොයනවා තව තව පොදි පිටින්
ආකලට හිමිකරු
කොපිය ලෙඩ දෙන නිසා
ඔහු අතැර තව තව සොයන්නේ
කේන්දර අරුමේ....

-මලී පතිරාජ-

සොදුරු තුරු මිතුර


බිහිවෙලා මහ උසට
සෙවණ දී ලා තණපත්වලට
විහිදලා අතුපතර
කොළ සැලි සැලී දිලෙන 
වැටී රුක් මුල් බිමට
කොලු පැටවු ඔන්චිලි පදින
නුඹ යෝධයෙක් මෙනි
නිසොල්මන් බැල්මන්
හෙලන....

රැ පුරා විහගුන්ට
හිදින්නට ලැගුම් දෙන
නොමසුරු නුඹ යහන
සුවහසකි හැම දනට....
පෙම් සිහින දකින පෙම්වතුන් හට
පියස්සකි නුඹෙ ගත
යනෙන හැම දෙස බලා 
ආයුබෝවන් කියන
 නුඹ .....
මාවතෙහි රැදි සොදුරු 
මිනිසා සබද....

-  ශානි කොඩිතුවක්කු -

Thursday, January 2, 2020

ඔබ යන්න ගියා

හීන,බලාපොරොත්ත,විශ්වාස 
ඔයා මට මහ ගොඩක් දුන්න 
ගොඩක් ආදරෙන්
ඒ හැමදේම මට තිළිණ කළා
ඒත් පුංචි නිමේශයකින් 
හීන බොදවෙලා ගියා
බලාපොරොත්තු මැකිල ගියා 
විශ්වාසය කඩන් වැටුනා 
මේ හිත පාලුවේ දාල
ඔයා යන්න ගියා 
ආයේ නොඑන්නම

-මදූ කරුනාරත්න-

පතිනිය ඇය


මිහිමතින් උපන් පත්තිනිය ඇය
සුරා සොඩෙකු ළග දනින් නැමෙනා
කියන් හඩ ගා ලොවට මුමුනා
ඇගේ ළය ගිනි නිවන්නට බැරි...

කොදුරමින් මුලු ලොවට රහසින්
සොයයි ජීවය නිවට පහසින්
රැගෙන ආ දුක් රසට විදිමින්
ගෙවයි රැය ඈ ළගින් හිදිමින්....

මුවැත්තිය ඇය නුඹේ සෙවනේ
දමා නොයනා ලැබූ භවයේ
ගිගුම් දී හඩ නගා වැටුනත්
අහස සේ දුක් දරා උන්නේ.....

                  -මලී පතිරාජ-

හිතුවක්කාරයා

ආදර සෙනෙහස 
හදවත අතුරා 
නිරතුරු ඇවිදින් 
ප්‍රේමය පුදනට 
ඇරයුම් කළ මුත්
විටින් විට
හිතට ඇතුළුව 
තරවටු කරනා 
හිතුවක්කාරයා 
නුඹයි ...

-මදූ කරුණාරත්න -